පුස්තකාල වර්ග
“මානව ශිෂ්ටාචාරයේ ජීව රුධිරය නම් විශ්ව ඥානයයි.එම රුධිරය ජනතාව කරා අඛණ්ඩව ලබා දෙන ප්‍රධානම ආයතනය වන්නේ පුස්තකාලයයි.”
ජී.එච්.ෂේරා
“ස්වයං අධ්‍යාපනය සඳහා තිබෙන ක්ෂේම භූමිය පුස්තකාලයයි.”
එස්.ආර්. රංගනාදන්
“පුස්තකාල වැඩියෙන් ආරම්භ කිරීම බන්ධනාගාර,පොලිස් ස්ථාන.උසාවි ක්‍රමිකව වසා දැමීමකි.”
ආචාර්ය එස්.කේ.ෂර්මා
මෙවන් බලපෑමක් සමාජය වෙත ලඟා කරන විශ්ව ඥානයේ මහා කෝෂ්ඨාගාරය බඳු වු පුස්තකාල ගල් යුගයේ සිටි මිනිසා පරිගනක යුගය දක්වා පැමිණීමේ ගමන් මඟ පිටුපස සිටින අද්විතීය බලවේගය ලෙස නම් කළ හැකිය.එක් පරපුරක් සතු දැනුම තවත් පරපුරක් වෙත උරුම කර දෙමින් දිනෙන් දින වර්ධනය වන පුස්තකාල නැතහොත් විඥාපන මධ්‍යස්ථාන සමාජයට නැතිවම බැරි ආයතනයක් බවට පත්ව ඇත. මිනිසාගේ 5 වන මූලික අවශ්‍යතවය බවට තොරතුරු පත්ව ඇති මෙවන් යුගයක එකී තොරතුරු ජනතාව කරා ගෙනයාමේ මූලික වගකීම පැවරී ඇත්තේ පුස්තකාල සේවාවටය. දැනුම ප්‍රතිග්‍රහණය,සංවිධානය හා බෙදාහැරීම මුඛය කාර්ය බවට පත්ව ඇති මෙම සේවාවේ අවසන් අරමුණ වී ඇත්තේ පිරිපුන් මිනිසුන් බිහිකරලීමයි.මෙම අරමුණු ඉටුකර ගැනීමට නම් ඉතා ක්‍රමවත් පරිපාලන ව්‍යුහයක් සෑම පුස්තකාලයක්ම තිබිය යුතුය. ඒ අනුව මානව වර්ගයාගේ විවිධාකාර වූ අවශ්‍යතා සංතර්පණය කිරීම සඳහා පෙලගැසී සිටින්න වූ දැනුම් කෝෂ්ඨාගාරයන් අද වන විට වර්ග කර හඳුනා ගත හැක.එනම් එක් එක් වර්ගයේ පාඨක අවශ්‍යතා ඉටු කරලීම වස් වර්තමාන පුස්තකාල සම්ප්‍රදාය සාධක කීපයක් යටතේ වර්ග කර හඳුනා ගත හැක.ඒවා නම්,
- ජාතික පුස්තකාල
- මහජන පුස්තකාල
- අධ්‍යපනික පුස්තකාල(පාසල්, විශ්වවිද්‍යාල..)
- විශේෂ පුස්තකාල
- පෞද්ගලික පුස්තකාල
- අථතය පුස්තකාල
ජාතික පුස්තකාල
“Coustodians of the natoin’s interlectual heritage, thus providing organization, access to and prevention of the national imprit in all media”
(IFLA 1998)
ජාතික පුස්තකාල සෑම රටක ම පුස්තකාල පද්ධතියේ නායකත්වය උසුලන ලෙස කටයුතු කෙරේ. 1998 අංක 51 දරන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පනත මගින් පැවරී ඇති කාර්යභාරය යටතේ, ජාතියේ අනන්‍යතාව ඔප්නැංවෙන පරිදි දේශීය වශයෙන් බිහිවෙන සියලුම දැනුම මාධ්‍යයන් එක්රැස් කර, මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීම හා ඒවා භාවිතයට පහසුකම් සැලැසීම මෙහි ප්‍රධාන කර්තවයකි. එමෙන් ම, ජාතික ග්‍රන්ථනාමාවලිය හා වෙනත් ප්‍රලේඛන සේවා සම්පාදනය, ශ්‍රී ලංකාවේ සියලු පුස්තකාල ප්‍රවර්ධනය සඳහා ආධාර අනුබලදීම, පොත් ප්‍රකාශනය වැඩිදියුණු කිරීම, කියවීමේ ප්‍රවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද ජාතික වශයෙන් ම මේ මගින් සිදු වේ.ජාතික කියවීමේ මාසය වෙනුවෙන් දිවයිනේ සියලු පුස්තකාල හා පාසල් කේන්ද්‍ර කරගත් කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් මෙහෙයවීමේ කටයුතු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් සිදු වේ. අප රටේ පුස්තකාල මගින් පාඨක ප්‍රජාව සම්බන්ධ කරගෙන, කියවීම හා පොතපත භාවිතය ඉහළ නැංවීමට අදාළ ව්‍යාපෘති රැසක් දියත් කෙරේ. එම සේවා ඇගැයීම පැවරී ඇත්තේ ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයටය.උදා. National Library of India
National Library of London
National Library of Srilanka
මහජන පුස්තකාල
“මහජන පුස්තකාලය ජීවමාන අධ්‍යාපනික,සංස්කෘතික හා සන්නිවේදන මාධ්‍යයක් වන අතර ජනතාව හා ජතීන් අතර අන්‍යෝනය වැටහීම,සාමය හා සුහදත්වය වර්ධනය කිරීමෙහි ලා උපයෝගී වන ආයතනයකි”
- යුනෙස්කෝව
යුනෙස්කෝ ප්‍රඥප්තියට අනුව මහජන පුස්තකාල යනු සියලු ජාතීන් අතර අවබෝධය, බුද්ධි වර්ධනය, රසාස්වාදය සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා පොදු ජනයාට උපකාරි වන ප්‍රජත්‍රාන්ත්‍රික මධ්‍යස්ථානයකි. ජාති, ආගම්, කුල, භාෂා, වයස් අධ්‍යාපනික හා සමාජ තරාතිරම්, ස්ත්‍රී පුරුෂ වැනි භේද නොසලකා, සෑම අයෙකුටම මහජන පුස්තකාල සේවා සපයනු ලැබේ. ඒවා විධිමත් හා අවිධිමත් අධ්‍යාපනයට උරදෙන ආයතන වශයෙන් ද ප්‍රයෝජනවත් වන, සම්බන්ධීකරණ වැඩසටහන් දියත් කරන ආයතන ලෙස හැඳින්විය හැකිය. කිසියම් ප්‍රදේශයක පළාත් පාලන බල සීමා ඇතුළත වෙසෙන ජනතාවට ආසන්න වශයෙන් ම පිහිටි තොරතුරු මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන්නේ මහජන පුස්තකාලයයි. මහජන පුස්තකාලවල භූමිකාව අංශ කිහිපයක් යටතේ පොදු මහජනතාවගේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වේ. ඒ,
අධ්‍යාපනික සංවර්ධනය උදෙසා
සංස්කෘතික කටයුතු උද්දීපනය හා සාමය, සහජීවනය නැංවීම.
පුද්ගල සංවර්ධනය හා පෞරුෂ වර්ධනයදැනුම හා තොරතුරු ප්‍රචාරණය
රස වින්දනය හා නිර්මාණ කුසලතා නැංවීම.
ඉහත භූමිකා ඔස්සේ පුස්තකාල මගින් පොත් සංචිත ගොඩනැගීම, පොතපත බැහැර ගෙන යාමට පහසුකම් සැලසීම, ජංගම පුස්තකාල සේවා මගින් දුරබැහැර ප්‍රදේශවල සිටින ජනතාවට කියවීමට අවස්ථාව සැලැසීම සහ සම්මන්ත්‍රණ, පාඨක සමාජ ක්‍රියාකාරකම්, තරග පැවැත්වීම්, කියවීමේ මාසය සඳහා පාඨක වැඩසටහන් මෙහෙයවීම වැනි කටයුතු ඉටු කරනු ලැබේ.
පාසල් පුස්තකාල
ළමා සහ තරුණ පරපුර යහපත් පුරවැසියන් කිරීමට මෙන් ම, රටේ ශ්‍රම බලකාය හා අනාගත නායකයන් බිහිකරවීමේ තෝතැන්නක් වන පාසල් පද්ධතිය තුළ, පාසල් පුස්තකාල කාර්යභාරය අතිශය වැදගත් වේ. පාසල්, ශිෂ්‍ය කණ්ඩායම්වල ඉගෙනීමේ අවස්ථා වැඩි දියුණු කිරීමටත්, කියවීමේ පුරුදු වර්ධනය කර ගැනීමටත්, බුද්ධිමය ක්‍රියාකාරකම්වල නියැළීමටත් අවශ්‍ය පොත පත හා වෙනත් සේවා ලබාදීම, පාසල් පුස්තකාලයක මෙහෙවර වේ. පාසල් පද්ධතිය තුළ ඉටු කෙරෙන කාර්යයන් සඳහා පුස්තකාලය අත්‍යවශ්‍ය අංශයකි. මන්ද, ඉගැන්වීමත්, ඉගෙනීමත් සඳහා භාවිත වන පුස්තකාල සම්පත් විධිමත් ලෙස එක්රැස්කර, විමර්ශන, බැහැරදීම් හා වෙනත් සේවා සැපැයීම සිදුවන බැවිනි.පුස්තකාලවල සේවා ලබන පාඨකයන් විවිධ රුචි අරුචිකම් ඇති, විවිධ විෂයයන් හදාරන කණ්ඩායම් වේ. ඉහත කී පුස්තකාල මගින් ඒවාට ම ආවේණික වූ පාඨකයන්ගේ දැනුම වර්ධනය උදෙසා විශේෂ සේවාවන් ද ඉටු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේඛනවලින් සනාථ වේ. වර්තමානයේ දී සපිරි පාසල් දහසක් පිහිටුවා ඉතා උසස් අන්දමේ පුස්තකාල පවත්වා ගෙන යාමට ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබීම සතුටට කරුණකි.
විශ්වවිද්‍යාල පුස්තකාල
අධ්‍යාපනික පුස්තකාල අතුරින් විශ්ව විද්‍යාල පුස්තකාල වලට අද්විතීය ස්ථානයක් හිමිවේ. විශ්වවිද්‍යාල පුස්තකාල උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා සුවිශේෂ වූ වටිනා එකතු රැස්කර ඇති ආයතන වේ. දැනට ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය තරමට ම විශේෂිත වූ වටිනාකමක් ඇති පුස්කාලයක් වනුයේ පේරාදෙණි විශ්වවිද්‍යාල පුස්තකාලයයි. තව ද අනෙකුත් බොහෝ විශ්ව විද්‍යාලයන් හි පුස්තකාල සඳහා ම සුවිශේෂි වූ ගොඩනැගිලි ඉදි කර ඇති අතර, ඉහළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලැබූ පුස්තකාලයාධිපතිවරුන් මෙන් ම, අනෙකුත් සහායක කාර්යමණ්ඩල මේවායේ සේවය කරනු ලැබේ. හැම විෂයක් පිළිබඳවම පුළුල් පොත් එකතුවක් සහිත මෙකී පුස්තකාල වර්තමානයේදී නව මාධ්‍ය සම්පත් සහිත තොරතුරු මධ්‍යස්ථානයක වගකීමටද උර දී සිටී.
විශේෂ පුස්තකාල
“Special library is too my mind a like with that covers single subject or a definite group of subject”
A.S.G.Josehon
විවිධ පුස්තකාල වර්ග අතර සුවිශේෂී ස්ථානයක් විශේෂ පුස්තකාල හිමි කර ගනී.ඊට හේතුවක් ලෙස දැක්විය හැක්කේ එය නමින්ම විශේෂ වන නිසාය. යම් විෂය ක්ෂේත්‍රයකට සුවිශේෂීව පවත්වා ගෙන යනු ලබන අතර පර්යේෂණ පුස්තකාල ලෙසද හැඳින්විය හැක.මෙම පුස්තකාල තුලින් විෂය විශේෂඥයන්,පර්යේෂකයන් වැනි අයට ලබාගත හැකි සේවය මිල කළ නොහැකි වේ.විශේෂ පුස්තකාලයන්හි පාඨක සේවාවන්ද ඉතා සුවිශේෂී වේ.
උදා,
කාලීන සම්ප්‍රජානන සේවය සේවය වරණීය විඥාපන සේවය
1. ප්‍රවර්දන සාවදාන සේවා ලැයිස්තු සාර සංග්‍රහ ස්වා
2.පටුන පිටු සේවය අනුක්‍රමනිකාකරණය
3.වාරසඟරා සංසරණය සාහිත්‍ය ගවේෂණය
4.පුවත්පත් කැපුම් සේවාව පරිවර්තන සේවා
5.නව ප්‍රකාශන අන්තර් පුස්තකාල සේවා
පෞද්ගලික පුස්තකාල
පුස්තකාල වර්ග අතර පුද්ගලික පුස්තකාල වෙත ජනතාවගේ ජනපියත්වය දිනා ගනු ලැබූ පුස්තකාල වර්ගයක් ලෙස හැඳින්විය හැක.ඊට හේතුව වන්නේ යමෙකු විසින් කාලාන්තරයක් තිස්සේ එකතු කරන ලද ප්‍රකාශන පොදු ජනතාවගේ ජන අවශ්‍යතා උදෙසා විවෘත කිරීමයි.මෙම පුස්තකාල සංඛයාත්මකව ඉතා කුඩා වුවත් මේවායින් ඉටු වෙන සේවය විශාලය. ඇතැම් විට ඉතා දුර්ලභ ගනයේ අත්පිටපත් හා පුද්ගලයින් ගනණාවකගේ මුල් අත් අකුරු මෙම එකතුව තුළින් සොයා ගත හැක.විශේශයෙන්ම මෙම එකතු තුළ ඇති වඩාත් වැදගත්ම ලක්ෂණය වන්නේ අදාළ පුද්ගලය විසින් රචනා කරන ලද කෘති වල එකතුවක් එකම ස්ථානයකදී දැක බලා ගැනීමට හැකි වීමයි.
උදා,
මාර්ටින් වික්‍රමසිංහ පුස්තකාලට
කේ.ජයතිලක පුස්තකාලය
ගුණපාල මලලසේකර පුස්තකාලය
මහගමසේකර පුස්තකාලය
අථතය පුස්තකාල
විවිධ පුස්තකාල වර්ග අතර නූතන සියවසේ අථතය පුස්තකාල වලට අද්විතීය ස්ථානයක් හිමිවේ.තොරතුරු සන්නිවේදන තාක්ශණය පාදක කරගෙන මෙම පුස්තකාල සමාජයට හඳුන්වා දී තිබේ.ලෝකයේ විශාලතම ජාලය ලෙස සැළකෙන අන්තර්ජාලය තුළ අථත්‍ය පුස්තකාල සම්ප්‍රදාය ගොඩ නැගෙනුයේ මෑතකදීය. මෙම පුස්තකාලයන්හි පවතින අසීමත තොරතුරු මූලාශ්‍ර විෂය,කර්තෘ,ග්‍රන්ථනාමය, ප්‍රමිත අංකය, ප්‍රකාශක, ප්‍රකාශිත ස්ථානය ආදී කරුණු ඔස්සේ ගවේෂණය කළ හැක.
ඉතා නූතනයේ සොයා ගන්න ලද දෑ මෙහි ස්ථානගත කර ඇති බැවින් යාවත්කාලීන තොරතුරු මෙම පුස්තකාල වල නිරතුරුවම දැකගත හැක.අථත්‍ය පුස්තකාල සේවය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වීම කෙරෙහි බලපෑ කරුණු ගණනාවක් ඇත.- යාවත්කාලීනබාවය
- නවතම තොරතුරු ඇතුළත් වීම.
- තුලනාත්මක බව
- සධිකාරීබාවය
- සන්සන්දනය කිරීමී හැකියාව
- විමර්ශනය කිරීමේ හකියාව
ලොව පුර විහිදි විවිධ පුස්තකාල,තොරතුරු මධ්‍යස්ථාන සමාජමය වශයෙන් ඉටු කරනු ලබන සේවාව අති විශාලය.මෙම සෑම මධ්‍යස්ථානයකම ප්‍රධාන පරමාර්ථය වන්නේ සමාජයේ විවිධ උපයෝජන කණ්ඩායම් වෙනුවෙන් තොරතුරු සේවාවන් පවත්වා ගෙන යාමයි.මිහිමත විවිධ සමාජ කණ්ඩායම් උදෙසා විවිද ආකාරයේ තොරතුරු සේවාවන් පවත්වා ගෙන යනු ලබන පුස්තකාල වනාහි ලොව පවතින මහා දැනුම් ධාන්‍යාගාරයන් වේ.
No comments:
Post a Comment